ඔක්තෝබර් 14, අඟහරුවාදා
‘සෙනඟ යෙහෝවාගේ ගෘහය අත්හැරලා දැම්මා.’—2 ලේක. 24:18.
අපි යාළුවන් විදිහට තෝරගන්න ඕනෙ යෙහෝවා දෙවියන්ට ආදරේ කරන, ඔහුව සතුටු කරන්න උත්සාහ කරන අයව විතරයි. එයාලා අපේම වයසේ අය වෙන්නම ඕනෙ නැහැ. මතකද යෙහෝයාෂ් යෙහෝයාදාට වඩා හුඟක් බාලයි. ඒත් ඒ දෙන්නා හොඳ යාළුවෝ වුණා. ඉතින් ඔයාගෙන්ම මෙහෙම අහගන්න. ‘මගේ යාළුවෝ යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය වැඩි කරන්න මට උදව් කරනවාද? දෙවියන්ගේ ප්‍රතිපත්ති අනුව ජීවත් වෙන්න එයාලා මට දිරිගන්වනවාද? යෙහෝවා ගැන, බයිබලේ තියෙන සත්‍යයන් ගැන එයාලා නිතරම කතා කරනවාද? එයාලා දෙවියන්ගේ ප්‍රමිතිවලට අනුව ජීවත් වෙනවාද? එයාලා කියන්නේ මං අහන්න කැමති දේ විතරද? නැත්තං මං වරදක් කළොත් එයාලා ඒක බය නැතුව මට පෙන්නලා දෙනවාද?’ (හිතෝ. 27:5, 6, 17) ඇත්තම කිව්වොත් ඔයාගේ යාළුවන් යෙහෝවාට ආදරේ කරන්නේ නැත්නම් එයාලා එක්ක වැඩි ඇයි හොඳයියක් ඕනෙ නැහැ. ඒත් යෙහෝවාට ඇත්තටම ආදරේ කරන යාළුවෝ ඔයාට ඉන්නවා නම් කවදාවත් එයාලව අත්හරින්න එපා. මොකද සත්‍යයේ ගමන යන්න එයාලා ඔයාට ලොකු හයියක්!—හිතෝ. 13:20. w23.09 9-10 6-7¶
ඔක්තෝබර් 15, බදාදා
“ඇල්ෆා සහ ඔමේගා මමයි.”—එළි. 1:8.
ඇල්ෆා කියන්නේ ග්‍රීක හෝඩියේ පළවෙනි අකුර. ඔමේගා කියන්නේ අන්තිම අකුර. ඉතින් “මම ඇල්ෆා සහ ඔමේගා” කියලා කියපු එකෙන් යෙහෝවා දෙවියන් කාවැද්දුවේ ඔහු මොකක් හරි දෙයක් පටන්ගත්තා නම් අනිවාර්යයෙන්ම ඒක සාර්ථකව අවසන් කරනවා කියන එකයි. දෙවියන් ආදම් සහ ඒවව නිර්මාණය කළාට පස්සේ එයාලට මෙහෙම කිව්වා. “දරුවන් බිහි කර ගණනින් වැඩි වන්න. මුළු පොළොව පුරාම මනුෂ්‍යයන්ව පදිංචි කර එය රැකබලා ගන්න.” (උත්. 1:28) තව විදිහකින් කියනවා නම් යෙහෝවා ඒ වෙලාවේ කළේ “ඇල්ෆා” කියලා කියපු එක. ඒ කියන්නේ ඔහුගේ අරමුණ ඉටු වෙන්න පටන්ගත්තා කියන එක. එයාලාගෙන් පැවතෙන කීකරු අය පරිපූර්ණත්වයට ළඟා වෙලා පොළොව පාරාදීසයක් වෙන දවසට යෙහෝවාට පුළුවන් “ඔමේගා” කියලා කියන්න. වෙන විදිහකින් කියනවා නම් ඒකෙන් අදහස් වෙන්නේ ඔහුගේ අරමුණ ඉටු වුණා කියන එක. යෙහෝවා හැම දේම “සාදා නිම කළාට” පස්සේ එක සහතිකයක් දුන්නා හත්වෙනි දවස ඉවර වෙද්දී මිනිස්සු සහ මේ පොළොව සඳහා ඔහුට තිබුණ මුල් අරමුණ ඉටු වෙනවාමයි කියලා.—උත්. 2:1-3. w23.11 5 13-14¶
ඔක්තෝබර් 16, බ්‍රහස්පතින්දා
“යෙහෝවාගේ මාර්ගය එළිපෙහෙළි කරන්න. කාන්තාරය හරහා යන සමතලා මාර්ගයක් අපේ දෙවියන් වෙනුවෙන් හදන්න.”—යෙසා. 40:3.
ඊශ්‍රායෙල් දේශයට යන ගමන මාස හතරක විතර දුෂ්කර ගමනක්. හැබැයි දෙවියන් එයාලට පොරොන්දු වුණා බාධක අයින් කරලා එයාලා යන මඟ සමතලා කරනවා කියලා. එතකොට එයාලට බාගයක් දුර ගිහිල්ලා ආයේ හැරිලා එන්න වෙන්නේ නැහැ. විශ්වාසවන්ත යුදෙව්වන් දැනගෙන හිටියා ඊශ්‍රායෙල් දේශයට යන්න මොන කැප කිරීම කරන්න වුණත් ලැබෙන ආශීර්වාද ඒ හැම එකකටම වඩා වැඩියි කියලා. එයාලට ලැබුණ ලොකුම ආශීර්වාදය තමයි නිදහසේ දෙවියන්ට නමස්කාර කරන්න ලැබුණ එක. මොකද සැබෑ දෙවියන්ට නමස්කාර කරන්න, නීතියේ කියලා තිබුණ විදිහට පූජා ඔප්පු කරන්න තැනක් බැබිලෝනියේ තිබුණේ නැහැ. පූජා ඔප්පු කරන්න පූජකයන් හිටියෙත් නැහැ. යුදෙව්වන් වට වෙලා හිටියෙත් දෙවියන්ගේ ප්‍රමිති රකින්නේ නැති, බොරු දෙවිවරුන්ට නමස්කාර කරපු අයගෙන්. ඒ නිසා මේ රාජ නියෝගය අහපු හැටියේ දහස් ගාණක් යුදෙව්වන් ආයේ තමන්ගේ මව්බිමට යන්න බලන් හිටියේ නොඉවසිල්ලෙන්. මොකද එයාලා දැනගෙන හිටියා එහෙට ගිහින් සැබෑ නමස්කාරය ආයෙත් පිහිටුවන්න පුළුවන් කියලා. w23.05 14-15 3-4¶